නැනෝ පරිමාණය යනු කුමක්ද?
ප්‍රායෝගිකව සලකා බලන විට නැනෝ පරිමාණය, නැනෝමීටර 1 සිට නැනෝමීටර 100 දක්වා පරාසය තුළ විහිද යයි. නැනෝමීටරයක් යනු, මීටරයකින් බිලියනයෙන් කොටසක ප්‍රමාණයකි. (මීටරයක් යාරයකට වඩා යාරයක් මෙන් 10% ක් පමණ දිගින් වැඩිය.)SI ක්‍රමය අනුව "නැනෝ" (nano) උපසර්ග පදයෙන් අදහස් වන්නේ බිලියනයෙන් පංගුවක් හෙවත් 10-9 යන්නයි.කඩදාසි කොලයක ඝණකම නැනෝ මීටර 100,000 ක් පමණ වේ. එක් රත්තරන් පරමාණුවක විශ්කම්භය නැනෝ මීටරයකින් තුනෙන් පංගුවක් පමණ වේ. නැනෝ තාක්ෂණය දැනටඅප භාවිත කරන තාක්ෂණික ක්‍රම වලට වඩා වෙනස් ස්වරූපයක් ගනියි. මෙයට හේතුව වන්නේ, පදාර්ථය නැනෝ පරිමාණයේදි, විශේෂිත භෞතික, රසායනික හා ජෛවීය ලක්ෂණයන් පෙන්වනු ලැබීමයි.